Monday, April 25, 2016

03. ඔබ නිවැරදිද.....?



එදිනෙදා ජීවිතයේදී...දුවන ගමන් ම මෙන්න මේ ලිපියත් කියවාගෙන යන්න කියල මම ආරාධනා කරනවා.....

කොහෙන් හරි තමන්ටත් අදාල කොනක් මේකෙන් අනිවාර්යයෙන්ම ඔබට අහු වෙයි......

උදේ ඇහැරුන වෙලාවෙ සිටන් රෑ නින්ද දක්වා නොනැවතිල්ලේ දුවන අපිට අපි කරන කියන දේ විශේ ෂයෙන්ම අපේ ඉරියව් ගැන මතකයට එන්නේ...ඒවා හරිද වැරදිද කියල සිහියට එන්නේ....එක්කො කොන්දෙ කැක්කුමක් එහෙමත් නැත් නම් මොකක් හෝ ලෙඩක් දුකක් ඇතිවුන වෙලාවට...

අපේ ජීවිතේ ගෙවෙන අති ධාවනකාරී තත්වය නිසා අපට අපේම ශරීරයේ පැවැත්ම ගැන හිතන්න වත් වෙලාවක් නැති තරම්

උදෑසන ඇඳෙන් නැගිටින තැන ඉඳන්ම ආපසු නින්දට යනතෙක්....අපි කරන කියන දේවල් නිවැරදිද ...ඒවා හරි ඉරියව්වක ඉඳන් කරනවද කියල මඳක් හිතන්න.....

ඇඳෙන් උදේම නැගිටලා මුලුතැන්ගෙට හරි නාන කාමරයට හරි දුවන්න මතක් වෙන්නෙ අන්තිම තත්පරේ නෙ....නිවැරදි ඉරියව්වෙන් ඇඳෙන් නැගිට්ටෙ නැති උනාම..කොන්දෙ මාංශ පේශි ඇදෙනවා...පසු කාලීනව කොන්ද අල්ලාගෙන ඒකට ප්‍රතිකාර සඳහා දුවනවාට වඩා...නිවැරදි ඉරියව්ව එතනින්ම පටන් ගන්න එක නේද හොඳ....
මහ ලොකු දෙයක් නම් නොවෙයි...එක් ඇලයකට හැරිලා..කොන්දට බර නොඑන අන්දමට නැගිටින අන්දම අපිට විවිධ මාධ්‍ය වලින් මෙන්ම පොඩි කාලෙ ඉඳන්ම කියල දෙනවනෙ.....අන්න ඒක මතක තබා ගැනීම පමනයි කල යුත්තෙ...




ඒ වගේම තමයි....බරක් එසවීම හෝ බිම වැටුන යමක් අහුලා ගැනීම....අපි පුරුදු වෙලා ඉන්නෙ එහෙම එකක් දුටු ගමන් කොන්දෙන් නැවෙන්න..නැවිල යමක් අහුලා ගන්න කොටම දැනෙන වේදනාව ගැන හොඳට අත්දැකීම් තියෙද්දිත් අපි ඒකමයි කරන්නෙ......




නමුත් මනා සුනම්‍ය බවක් ඇති දණහිස් යුවලක් ඔබට තියෙද්දි...මදක් දණහිසෙන් නැමිල කොන්දට බරක් නොඑන ලෙස යමක් අරන් බලන්න....මොන තරම් පහසුද කියලා...
හැබැයි...දණහිස් වල ගැටලුවක් තියන අයෙක්ට නම් මේක හරියන්නේ නෑ...ඒ ගැන වෙනම කතා කරමු...




ඔබ විලාසිතා වලට හුරු කාන්තාවක් වෙන්නට පුලුවන්....නමුත්..බොහෝ සුන්දර කාන්තාවන්...අඩි උස පාවහන් පැලඳීම නිසා..මොන තරම් ඉරියව් වල ගැටලු ඇති කරගන්නවාද...විශේෂයෙන්ම උල් අඩි ඇති පාවහන්  හා ඉදිරිය ඉතා පටු පාවහන්.....හැකි තාක් දුරට මෙයින් වලකින්න...ඔබේ දෙපා මෙන්ම කොන්ද සහ මුලු ශරීරයේම ඉරියව් හා සුනම්‍යතාවය ඉන් රැකේවි.......



ඉඳගන්නා ඉරියව්ව ගැන ඔබ කොතෙක් දුරට සැලකිලිමත් ද බලන්න.....අපි හැමවිටම හොයන්නේ සුව පහසුව..නමුත්..සුව පහසු ඉරියව්ව කියන්නේ හැමවිටම නිවැරදි ඉරියව්ව නොවෙයි...බොහෝ පහසු ඉරියව්..අපේ ශරීරය පවත්වන්නෙ අහිතකර ඉරියව් වල....ඒ නිසා..ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න...දෙපා හරියට බිම ස්පර්ශ වීමත්..කොන්ද එහි වක්‍ර තුලනය වන අන්දමට ආසනයේ හිඳ ගැනීමත්...හිස කෙලින් තබා ගැනීමත්...ඉතා වැදගත්...



පරිගණක භාවිතා කරනවා නම් එහි මොනිටරය..ඔබේ ඇස් මට්ටමට හෝ ඉන් මඳක් පහලට තිරය පවතින සේ සකසා ගන්න..එය ඉතාම වැදගත් වෙනවා...හැමවිටම  දීර්ඝ වේලාවක් එකම ඉරියව්වේ නොසිට අතරමැද කෙටි ඉරියව් වෙනස් කිරීම ඉතාම වැදගත්.....


ඉතින්..මේ ඔබට කෙටි උපදෙස් ටිකක්....යහ පුරුදු කියන්නේ...ජීවිතය මනා පැවැතමක් කරා හසුරවන ඉලක්ක....ඉතින් ඔබට සුනම්‍ය දිවියක්...තවත් මෙවන් ඉඟි ටිකකින් හමුවෙමු...




2016 / 04 / 25





8 comments:

  1. එදිනෙදා ජිවිතයට වැදගත් කරුණු ටිකක්...

    ReplyDelete
  2. ඔය පුටුවෙ ඉන්නකොට ඒකෙ සීට් එකේ උස අඩුම කරල, බඩ මේස දාරෙ වදින ගානට ඇතුල් වෙලා කොන්ද කෙලින් තියාන ඉන්න ක්‍රමේ තමා මම අනුගමනය කරන්නෙ. හරිම පහසුයි.

    වසන්තයට ඡන්දෙ දාන්න මෙතනින් යන්න

    ReplyDelete
    Replies
    1. බොහෝ අය තමන් විසින්ම පහසු හා නිවැරදි ඉරියව් සකසා ගෙන තියනවා...ඒවා පහසු වගේම නිවැරදිත් වෙනවා නම් හොඳයි

      Delete