Sunday, April 24, 2016

02.තවත් එක් කතාවක්...පිපෙන්නට වෙර දැරූ මල් කැකුලක්






නවීන සමාජය තාක්ෂණය හා පහසුකම් අතින් සීඝ්රයෙන් ඉදිරියට ඇදී යන යුගයක් මේ.මිනිසුන් හට සියලුම සැප සම්පත් ඇඟිලි තුඩ ඔබන සැණින් තාක්ෂණය හරහා අත ලඟටම ලැබෙනවා.සිතූ සැණින් ලෝකයේ එහා ඉසව්වට යාමට හැකි තරමට හැමදේම වේගවත්.

වේගය හා සන්වර්ධනය එකින් එක අත් පටලා ගෙන සිටියත් ,වේගය ඉතා අනර්ථ කාරී ප්රතිපලද ගෙන එනවා.විශේෂයෙන්ම අති ධාවනකාරී ලෝකයක,දියුණු වාහන සන්කල්පයන් ඇතිවෙද්දී සිදුවන අනතුරු ඉතාමත් වැඩිවෙමින් පවතිනවා.දිනකට පුවත්පත් හා සෙසු මාධ්ය හරහා පලවන රිය අනතුරු ප්රවෘත්ති සහ තුවාලවීම් සහ මරණ යන සියල්ලම මීට ශාක්ෂි දරනවා.

ඉහත පෙරවදන හා සබැඳෙන මගේ මුල්ම සටහන වන්නේ එවන් වූ රිය අනතුරකින් අවාසනාවන්ත ඉරණමකට ලක්වූ නිම්සර නම් පුන්චි මල් කැකුල ගැනයි.

නිම්සරට දැන් වයස අවුරුදු 5යි.මේ සිදුවීම මාස 6කට පමණ පසුයි නිම්සර මට හමුවුණේ.
නිම්සර ගෙ පවුලේ අම්මා තාත්තා සහ නිම්සරගේ අක්කා සකුණි සහ ආච්චි අම්මාගෙන් තමයි සමන්විත වුණේ.ආච්චි අම්මා එක්ක ගමන් බිමන් යන්න නිම්සර බොහේ කැමැත්තක් දැක්වූවේ ගමනේදී ලැබෙන රසමසවුලු නිසාම නම් නොවෙයි.ගමනක් යන එන අතරේදී අහන්නට  ලැබෙන රස කතන්දර නිසයි.ආච්චි අම්මා කියන්නේ ලොකුම ලොකු කතන්දර පොතක් වගේ තමයි නිම්සරට හැමදාමත් දැනුනේ.

හැම මාසෙම දහ වෙනිදාට නිම්සර එක්ක ටවුමට එක්ක ගීහිල්ලා නිම්සරටත් අක්කාටත් අවශ්ය යම් යම් දේ අරන් දෙන්න ආච්චි අම්මාට පෙන්ශන් පඩියක් කියා දෙයක් ලැබෙන බව ඔහු දැනන් උන්නා.ටවුන් එකේ සිරි විසිතුරු බලන්නත් එක්ක පුන්චි නිම්සර හරි ආසාවෙන් මේ ගමනට එකතු උනා.

සුපුරුදු පරිදි ගමේ හැම කටයුත්තකටම එක් වෙන නිමල් මාමා ගේ ත්රී රෝද රථයෙනුයි නිම්සරයි ආච්චියිත් මේ ගමන යන්නේ.ඉතාම පරීක්ෂාකාරී රියදුරෙක් වන නිමල් මාමා එක්ක ඕනෑම ගමනක් දරුවෙක් උනත් තනිවම යවන්න ගමේ අය මැලි වුනේ නැහ.මේ කියන දවසේත් ආච්චි අම්මා සහ නිම්සර නිමල් මාමාගේ ත්රී රෝද රථයෙන් ගමනට පිටත් උනා.

අප කොතරම් සුපරීක්ෂාකාරී වුනත් ඒවා නොපිලිපදින එක් අයෙකු සිටියොතින් ඕනෑම කෙනෙක්ගේ ඉරණමත් දෛවයත් කණපිට ගැහෙන්නට පුලුවන්.

නගරය බලා ඇදෙමින් තිබූ ත්රීවීලය හතර මන් හන්දියකදී වැරදි පසින් ඉතා වේගයෙන් ටිපර් රථයක ගැටුණේ කිසිවෙකුට හිතාගන්නට නොහැකි අන්දමට.ආච්චි අම්මාට තුරුලුව පසුපස අසුනේ උන් නිම්සර ඇගේ ග්රහණයෙන් මිදී ත්රීරෝද රථයෙන් එලියට විසිවී අසල වූ කාණුවකට වැටුණා.අවාසනාවන්ත අයුරින් නිමල් මාමා එතැනම අවසන් හුස්ම හෙලද්දී ආච්චි අම්මා බරපතල තුවාල සහිතව රථය තුලම සිරවී සිටියා. අවට උන් සියලුම දෙනා වහ වහා එක්ව මොවුන් රෝහල් ගත කරනු ලැබුවා.

නිම්සරගේ නාසයෙන් හා කණෙන් ලේ ගලමින් තිබූ නිසා ඔහු හදිසි ප්රතිකාර අන්ශයට ඇතුල්  කරනු ලදුව දැඩි සත්කාර ඒකකයේ තබනු ලැබුවා.
වේගවත් විසිවීමක් හා බිම තදින් වැදීමක් නිසා මොළය ආශ්රිත ප්රදේශයේ හානිවීම් සිදුව තිබූ හෙයින් නිම්සර ශල්ය කර්මයකටද ලක් කරනු ලැබුවා.

ක්රමානුකූලව සිහි මට්ටම යථා තත්වයට පත්වූවාට පසු ස්නායු වාට්ටුවකට යොමු කරනු ලැබූ නිම්සරගේ මොලයට සිදුව තිබූ හානිය වනවිටද නිර්ණය කර තිබුණා.මොළයේ වම් පස ප්රදේශයට වූ හානියක් හේතුවෙන් නිම්සරගේ ශරීරයේ දකුනු අර්ධය ක්රියාකාරී නොවන මට්ටමකට පත්ව තිබුණා.මෙය වය්ද්ය ව්යවහාරයේදී ( hemiplegia ) ලෙස හඳුන්වනු ලබන අතර වැඩිහිටි වියේදී සුලබව හමුවන අන්ශභාග රෝග තත්වයට මෙය බොහෝ සෙයින් සමානයි.
ශාරීරිකව ඇතිවන ගැටලුවට අමතරව නිම්සරගේ කථාව,තේරුම් ගැනීම,මතකය ආදී බුද්ධිමය සන්කල්පයන්හිද ගැටලු පැන නගිමින් තිබුණා.
මූලික වෛද්ය ප්රතිකාර, ශල්යකර්ම ආදියට අමතරව වෛද්ය පුනරුත්ථාපන ක්රියාවලිය වෙත යොමු කරවනු ලැබුවා.වෛද්යමය පුනරුත්ථාපන (Medical Rehabilitation) ක්රියාවලියේදී සිදුවන්නේ අදාල රෝගාබාධය වැලඳුණ තැනැත්තා වෛද්ය කාර්ය මණ්ඩලයේ (Medical team) සාමූහික ප්රයත්නය මත නැවත පෙර හැකියාවන් ලබා ගැනීමට පුරුදු පුහුණු හා ප්රතිකාර කිරීමයි.හැකි උපරිම මට්ටමින් අදාල රෝගියා සමාජගත කර ස්වාධීන් අයෙකු කිරීමයි (social rehabilitation)
වෛද්ය කාර්ය මණ්ඩලයේ එක් අන්ශයක් වන වෘත්තීය චික්ත්සක ප්රතිකාර සඳහා නිම්සර යොමු වුනේ මේ හරහා යි.පලමුව නිම්සර හා ඔහුගේ දෙමවුපියන් වෘත්තීය චිකිත්සක අන්ශය වෙත කැඳවා ඔවුන්ගෙන් සියලුම විස්තර  හා අදාල ලිපි ලේඛන ආදිය ලබා ගෙන සිදුවූ සිද්ධිය හා වර්තමාන තත්වය පිලිබඳ අවබෝධයක් හා ඇගයීමක් ලබා ගනු ලැබුවා.
නිම්සරගේ කථන හැකියාව දුර්වල වී තිබූ අතර කියනා දෙය අවබෝධ වුවද කතනය හා අදහස් ප්රකාශ කිරීමේ ගැටලු ඇතිවී තිබුණා.මෙය (Expressive Aphasia) ලෙස හඳුන්වනවා.කථන හා භාෂා චිකිත්සක අන්ශයේදී මේ කථනය හා සම්බන්ධ ගැටලු සඳහා ප්රතිකාර ලබා දුන්නා.
දරුවා හා දෙමාපියන් වෙතින් ලබා ගත් දත්ත අනුව නිම්සර මේ වෙනුවට මුහුණ පාන ගැටලු පහත ලෙස ලයිස්තු ගත කෙරුණා.
1.ශාරීරික ගැටලු
              #. නිවැරදි ඉරියවුවක ශරීරය පවත්වා ගැනීමට නොහැකි වීම
             #ඇවිදීමට නොහැකි විම
             #දකුණු අත භාවිත කිරීමේ ගැටලු
 2.මානසික ගැටලු
මෙම අනපේක්ෂිත තත්වය නිසා නිම්සර තුලින් දක්නට ලැබුන බිය හා ප්රතික්ශේප කරන සුලු බව.
 3.සන්වේදන ගැටලු
දකුණු අතේ ස්පර්ශයන්ට අදාල ඇතිවූ ගැටලු.එනම් හිරි වැටුණ ස්වභාවයක් ඇතිවීම.
4.අවබෝධතා ගැටලු
යම් අදහසක් ප්රකාශ කරන්නට නොහැකි වීම.කථනය මෙන්ම අවබෝධයේද ගැටලුවකි.
5.එදිනෙදා වැඩ කටයුතු වල ගැටලු
සියලුම එදිනෙදා කටයුතු මව හෝ පියා මත යැපෙමින් කරගත යුතු මට්ටමට පත් වී තිබීම.
6.සෙල්ලම් කිරීමේ හා හස්ත කුසලතා ගැටලු
ශාරීරික හා මානසික දුබලතා හේතුවෙන් මේ තත්වය ඇතිවේ.

දරුවා හට සිදුව තිබූ හානිය තදබල නිසා  ක්රමානුකූලව දරුවා වැඩ කටයුතු වලට හැඩගස්වන්නට යෙදුනා.
නිම්සරගේ මූලිකවම තිබූ ශාරීරික ගැටලු සඳහා නිවැරදි ඉරියවු ගත කිරීම් පුහුණු කරවිය  යුතු වූ අතර දරුවා භෞත චිකිත්සක හා වෘත්තීය චිකිත්සක ප්රතිකාර මත නිවරදි උස , දිග  හා පලල සහිත මේසයක් හා පුටුවක් භාවිත කර වාඩිකරන ඉරියවු කියාදෙනු ලැබුවා.නිදාගැනීමේදි, හිඳ ගැනීමේදී , සිට ගැනීමේදී මෙන්ම ඇවිදීමේදී ක්රමානුකූල පුහුණුවක් සහිතව ඉරියවු නිවැරදි කරදෙනු ලැබුවා.
දකුණු අර්ධය අප්රාණික වීම තුළ වඩා හුරු අත වූ දකුණු අත භාවිත කරමින්  කල ආහාර ගැනීම,සෙල්ලම් කිරීම,ලිවීම ආදී සියලු කටයුතුකර ගත නොහැකි වීම නිම්සර මුහුණ පෑ තවත් බරපතල ගැටලුවක් වුනා.ක්රියාකාරකම් වල යෙදවීමට පෙර අත හා බාහුවේ වැඩිවෙමින් තිබූ පේශි තානය (spasticity) සාමාන්ය කල යුතු වුනා.මේ සඳහා නිවැරදි ඉරියවු මෙන්ම පතුරු ආධාරක භාවිතයද අවශ්යයි.නිවැරදි පතුරු ආධාරක(splints) මගින් දැඩිවන පේශි තානය (spasticity) නිසා ඇතිවන සන්කූලතා මග හැරවීමට නිවැරදි පතුරු ආධාරක යොදා ගනු ලබනවා.
නිම්සරගේ ඇඟිලි වල ක්රියාකාරීත්වය මඳින් මඳ ඇති වීමත් සමග අත සඳහා ක්රියාකාරකම් ආරම්භ කරනු ලැබුවා.දකුණු අත සම්බන්ධ ක්රියාකාරීත්වයන් පිලිබඳ සන්වේදන මොලයට යැවීම සඳහා විශේෂිත ප්රතිකාරයක් වන දර්පන ප්රතිකාරයද (mirror therapy) අදාල අතේ ක්රියාකාරකම් සඳහා පෙලඹ වීමට විශේෂිත ප්රතිකාරයක් වූ (Constraint Induce Movement Therapy / CIMT) යොදා ගත්තා. හා සමගාමී විවිධාකාර ක්රියාකාරකම් වලට නිම්සර යොමු කරනු ලැබුවේ ඔහුගේ වයස , රුචිකත්වය ආදී කරුණු ගැනද  සැලකිලිමත් වෙමින්.මෙහිදී සරල විනෝදාත්මක ක්රියාකාරකම් යොදාගැනීම වඩා වැදගත් වෙනවා.
දරුවාගේ අත හා බාහුව සම්බන්ධ මොලයේ සන්වේදන ප්රදේශයන්හි මීට සමගාමීව ඇතිවිය හැකි ගැටලු සඳහා සන්වේදන ප්රතිකාරද (sensory integration therapy) ලබා දෙන්නට යෙදුණා.
කථන හා භාෂා චිකිත්සාව මගින් කථනය අදාල ගැටලු සඳහා ප්රතිකාර සැපයෙද්දී අවබෝධය සඳහා ප්රතිකාර කල යුතු වුනා.යම් කිසි අසනා දෙයක් අවබෝධ කරගත හැකි වුවත් එයට පිලිතුරු ලබාදීමේදී ඇතිවන ගැටලු සඳහා පින්තූරා හා ක්රියාකාරකම් භාවිත කර ප්රතිකාර සපයනු ලැබුවා.
මෙවැනි දරුවකුගේ එදිනෙදා වැඩ කටයුතු කරගැනීමේ හැකියාවද සලකා බැලිය යුතුයි.වයසට අනුරූපව දරුවා කෙතෙක් දුරට එදිනෙදා වැඩ කටයුතු වල ස්වාධීනද යන්න විමසා බැලිය යුතුයි.සමහර අවස්ථා වලදී දරුවාට සිය හුරු අත භාවිත කල නොහැකි නම් ඔහුට අනික් අතින් වැඩ කටයුතු කරගැනීමට පුහුණු කල යුතු වෙනවා.නමුත් යම් ප්රමානයකට හෝ එය කල හැකි නම් ඔහුට භාවිත කරන උපකරණ හෝ විකරණය කර දෙමින්(adaptive devices) එම පුහුණුව සලසා දිය යුතුයී.
නිම්සර පාසල් අධ්යාපනයට සූදානම් වෙමින් උන් දරුවකු නිසා ඔහුගේ ලිවීම ඇතුලු අධ්යාපන අවශ්යතා පුහුනු කල යුතු යයි සලකා බැලිය යුතු වේ.මෙහිදී සියුම් චාලක ක්රියා කාරකම් වෙත වැඩි අවධානයක් යෙදිය යුතු වෙනවා.
මොළය ඉතා සන්කීර්ණ ව්යුහයක්.මෙවනි අවයවයකට සිදුවන හානිය ආපසු හැරවීම කල නොහැකියි.මධ්ය ස්නායු පද්ධතියට අදාල මොලය හා සුෂුම්නාව යන දෙකේදීම මේ තත්වය පොදුයි.මන්ද එම හානි වන ස්නායු ශඉල නැවත වර්ධනය නොවන නිසා.මෙහිදී දරුවාගේ මොලයේ ආරක්ශා වී ඇති ප්රදේශයෙ ඇති සමාන ශයිල මේ සඳහා පුහුණු කර සුවය ලබා දෙනවා.
මෙහිදී පවුලේ සියලුම දෙනාගේ කැපවීම හා ආදරය, සහයෝගය මෙන්ම උනන්දුව මේ සඳහා අවශ්ය වෙනවා.
නිම්සර දිනෙන් දින සුව අතට හැරෙමින් ජීවිතයේ ඉලක්ක සපුරා ගනිමි සිටින අයුරු දුටු විට සිතට දැනෙන්නේ සතුටක්ම තමයි.

මෙහි එන සියලු නම් ලිපිය සඳහා යොදන ලද නම් බව කරුණාවෙන් සලකන්න.


2016 / 04 / 24

4 comments:

  1. ජිවිතයේ එක නිමේශයකදී වන සිද්ධියකින් වන බලපෑම ඉතිරි ජිවීත කාලයටම වෙන්න පුළුවන් ...එහෙම තත්වයකට මුහුණ පාන ඕනෑම කෙනෙකුට ඔබ මේ ලිපියේ සඳහන් කල ඇති අන්දමට ජීවිතය යම් තරමකින් හෝ පුර්ණ මට්ටමින් හෝ යතා තත්වයට පත් කිරීමට වෛද්‍යවරුන් සහ ඒ හා සම්බන්ධ පුනුරුත්තාපන අංශයන්ගෙන් ලබා දෙන විශේෂ ප්‍රාගුන්‍ය අතිශය වැදගත්.

    අනික් වැදගත් කරුණ නම්, රෝගියා හෝ ඔහුගේ භාරකරුවන් ආරම්භයේ සිටම, රෝගියාගේ තත්වය ගැන පුර්ණ අවබෝධයකින් සිටිය යුතුයි...අපි නොහිතන පුංචිම කාරණාවන් පවා ඉදිරි ප්‍රතිකාර වලදී ගැටළු තත්වයන් මතුකල හැකියි...

    බොහොම ස්තුතියි වැදගත් ලිපියකින් වැදගත් තොරතුරු බෙදා ගත්තාට...පුංචි පුතාට ඉක්මන් සුවය පතනවා..

    ReplyDelete
    Replies
    1. බොහොමතුති .....අදහස් වටිනවා ගොඩක්

      Delete
  2. Physiotherapy සහ Occupational Therapy අතර යම් වෙනස්කමක් තිබෙනවද? මට හැඟෙන පරිදි physiotherapy යනු Occupational therapy වල එක අංගයක් වගේ.. OT කියන්නේ සම්පුර්ණ Rehabilitation process එකටද?
    නිම්සර* ට ඉක්මන් සුවය පතනවා..

    ReplyDelete
    Replies
    1. මේකට මම වෙනම පෝස්ට් එකක් ලිව්වොත්හොඳයිනේද .........


      Delete